අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා සමඟ අද දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවක් පැවැත්වීය. තානාපති Qi Zhenhong ශ්‍රී ලංකාවේ ගංවතුර සහන ප්‍රයත්නයන් සඳහා චීන රජයේ සහයෝගය ප්‍රකාශ කළේ ජාතීන් දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කරමිනි. මෙම තීරණාත්මක කාල පරිච්චේදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ කාලීන ත්‍යාගශීලීභාවය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය අමරසූරිය තානාපති Qi වෙත සිය කෘතඥතාව පළ කළාය.

දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.