දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසනව අගමැතිනිය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි.

ශ්‍රී ලංකා‌වේ 16 වන අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. ඒ දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසයි.

ජනතාව අපේක්ෂා කළ ඒ වෙනස සිදු කිරීමට වත්මන් රජය සූදානම් බවත්, ඒ වෙනුවෙන් සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසීය.

මේ අතර අභිනවයෙන් පත් වූ අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජෙවර්ධන, මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී මාශංක එච් ලියනගේ මහතා අතුලු අග්‍රාමාත්‍ය කාර්‍යලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය