නිෂ්පාදන අස්වැන්න වැඩිකර ගැනීමේ වසරක් ලෙස එළැඹෙන 2024 වසර සළකනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කමිටු සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් 2023.11.29 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එළැඹෙන 2024 වසර නිෂ්පාදන අස්වැන්න වැඩි කර ගැනීමේ වසරක් ලෙස සලකන හෙයින් ඊට අදාල වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයා ඇතුළු නිළධාරින්ට උපදෙස් දුන්නේය. විශේෂයෙන් ආහාර භෝග හා අපනයන භෝග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අනවසර කුඹුරු ගොඩකිරිම් පිළිබඳ කමිටු වාර්තාව තව දුරටත් ප්‍රමාද වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පුද්ගලයින් ආරක්ෂා කිරීම වෙනුවට ගොවිජන සේවා පනතේ පරමාර්ථ අර්ථ නිරූපනය කිරීම සඳහා අදාල නිලධාරීන් යොමු විය යුතු බවයි.

මෙම අවස්ථාවට මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය නිකපොත චන්ද්‍ර ජෝති හිමි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, සහ රාජ්‍ය නිලධාරීන් එක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය