කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ “රීඩ් මාවතේ සියවස් සැමරුම” වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.10.27) පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න , හර්ෂ ද සිල්වා, සී.වී. විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, රාජකීය විද්‍යාලයේ විදුහල්පති, හිටපු විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් සහ සිසු දරුවන් මෙම අවස්ථාවට සහභාගි වූහ.