පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අටවැනි ගුණානුස්මරණ උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (2023.11.08) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්විණි.

පූජ්‍ය කොටහේනේ නාරද හිමියන් සංවිධනය කළ මෙම ගුණානුස්මරණ උත්සවයට මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා විහාරයේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය මල්වානේ පඥාසාර නාහිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය වතුරුවිල සුජාත හිමි ඇතුළු මහා සංඝරත්නය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, ජගත් කුමාර, දායක කාරකාදින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.