පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරන්න
පළාත් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියලු පාළාත් වෙත ලබා දී ඇති බවත්. එම ප්‍රතිපාදන නිසි ලෙස පාසල් සංවර්ධනයට යොදා ගන්නා ලෙසත්, ඒ අනුව පාසල්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රාමසාන් උත්සවය සමරන වැල්ලවාය ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන් සමඟ මාර්තු 01 දින පැවති සුහද හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
අනතුරුව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යුධගනාව රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නායක හිමියන් බැහැදැකීමට පැමිණි අග්‍රාමාත්‍යතුමිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් තත්ත්වය පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු කළාය.
වෘත්තීය අධ්‍යාපනයට නිසි පිළිගැනීමක් ලබා දෙමින් දිස්ත්‍රීක් 25ම ආවරණය වන පරිදි නවීන පාඨමාලාවන්ගෙන් යුතු වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන 50ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත්, 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට කටයුතු කරන අතර නව පෙළපොත් මුද්‍රණ කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ කපිල ජයසේකර, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර යන මහත්වරුන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්, බුත්තල ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය