ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා ශක්තිමත් කිරීමට පියවර

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් වෙස්ලි ස්ටෙෆන් මහතා අතර හමුවක් ඊයේ (18) පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මහ කොමසාරිස්වරයා, ඔස්ට්‍රේලියානු රජයේ සුබපැතුම් අග්‍රාමාත්‍යතුමිය වෙත පළ කළ අතර, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක ද නිරත විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය