ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් උණුසුම් සුබ පැතුම්.

ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දහතුන්වැනි ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම එහි අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල හොංකොන් කණ්ඩායම පරදවා ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති බව අසා මම ඉමහත් ප්‍රීතියට පත්වුනෙමි.

පිට පිට හත්වැනි වතාවටත් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලැබීම ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය සහ කැපවීම පිළිබිඹු කරන්නකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික දැල්පන්දු ශුරියෝ අද දවසේදී අවසන් මහා තරගයට මුහුණදෙනු ඇත.

පසුගිය වතාවේද ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දින ගනිමින් මෙරටට කිර්තිය අත්කර දුන් අපගේ ජයග්‍රාහි කණ්ඩායමට මෙවරද ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසුරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 ඔක්තෝබර් 27 දින