පාසල් විවෘත කළේ දරුවන්ගේ මානසික සුවය , මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන්, පවුල හැරුණු විට පාසල තමයි දරුවන්ට ආරක්ෂිතම ස්ථානය
රට නැවත ගොඩනගන බවට ජනතාවට පොරොන්දු වන බවත්, රජය පාසල් විවෘත කළේ දරුවන්ගේ මානසික සුවය , මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් මෙන්ම පවුල හැරුණු විට පාසල දරුවන්ගේ ආරක්ෂිතම ස්ථානය වන නිසා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රට යථාතත්වයට පත්කර ගැනීම වෙනුවෙන් වන පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම වෙනුවෙන් දෙසැම්බර් 19 වන දින පැවති පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද කීය.
අද දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපේ රටට දිට්වා සුළි කුණාටුවේ බලපෑම සිද්ධ වෙලා සති තුනක කාලයකට පසුවයි අද පාර්ලිමේන්තුව රැස්වෙන්නේ පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගන්න.
හදිසි ආපදා තත්ත්වය ඇති වුණ නොවැම්බර් 27 වෙනිදා ඉදන්ම රජය, රජයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මේ රටේ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපට ලැබුණු සහයෝගය, විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් අපට ලැබුනු සහයෝගය මේ සියල්ල නිසා තමයි අපිට මේ රට මේ මට්ටමට ගොඩගන්න පුලුවන් වුණේ.
ඒ් වගේම ජනාධිපතිතුමාගේ මග පෙන්වීම හා නායකත්වය නිසා අද රට මේ තත්ත්වයට පත්කරගන්න පුළුවන් වුණා. ඒනිසයි විශේෂයෙන් යටිතල පහසුකම්, ජලය, විදුලිය මහා මාර්ගවලට සිදු වූ විශාල බලපෑමත් සමඟ අද මේ දේවල් මේ තරම් මට්ට්මකට ගෙන ඒන්න පුළුවන් වුණේ.
අපි සතුටු විය යුතුයි නැවත වතාවක් රටේ සාමාන්‍ය ජන ජීවිතය මේ ප්‍රමාණයට ගොඩගන්න පුළුවන් වුණ ඒක ගැන වගේම රටේ බොහෝ පළාත් නැවත සකස් කරගන්න ලැබීමට හැකිවීම පිළිබඳව.
මේ ව්‍යසනය එක සිද්ධියක් පමණක් නෙවෙයි. මේක Dynamic Situation එකක්. අදත් මධ්‍යම පළාතේ සියලුම පාසල් අපිට වහන්න සිද්ධ වුණා. දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ සාමන්‍ය වර්ෂාපතනයකින් වුණත් අවධානම වැඩිවෙන්න පුළුවන්. නාය යෑම් ඕනැම මොහොතක සිදු වෙන්න පුළවන්. ඒ පළාත්වලට ගිය ඕනෙම කෙනෙකුට තේරෙනවා ඒ තත්ත්වය. ඒ නිසා තමයි අපි නිරන්තරව අධීක්ෂණය කරමින් තීන්දු තීරණ ගන්නේ.
ඒ නිසා මුල් අවස්ථාවේ වගේම ඉදිරියේදී ජනතාවගේ ආරක්ෂාව, අවශ්‍ය අවස්ථාවක ඔවුන්ව මුදවා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් සිදු කරනවා. නැවත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දීර්ඝ කාලීනව රට නැවත ගොඩ නගන්න අවශ්‍ය වන කටයුතු කරනවා.
පාසල් වෙන ස්ථාන වෙත ගෙනයන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ගම්මාන ගැන හිතන්න වෙන අවස්ථා තියෙනවා. මේක කෙටිකාලින, මධ්‍ය කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. අපි හිතන විදියට මේක අවුරුදු දෙක තුනක වැඩ පිළිවෙලක්.
අපි මේ පර්පුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තියෙන්නේ 2026 ට. අපි සැලසුම් සහගතව තමයි මේකට මැදිහල් වෙලා තියෙන්නේ. 2026 වසරට බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ ආර්ථිකයට හානියක් නොවන විදියට.
පුළුල් ආර්ථික සැලැස්ම තුළ යන ගමන් රට නැවත ණය බරින් මිරිකෙන තත්ත්වයට පත් නොවෙන්නටයි අපි මේ සැළසුම් සකස් කරන්නේ. අපි ආර්ථික කළමණාකරනය පිළිබඳ මුළ සිටම අවධානය ලබා දුන් නිසා තමයි ආර්ථික ඉලක්ක වලට හානියක් නෙවන විදියට මේ සඳහා බිලියන 75 ක් වෙන් කරන්නත් 2026 ට මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නත් අපිට පුළුවන් වුණේ.
මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම අපිට විශාල සහයෝගයක් දැක්වු අයට ස්තුතිවන්ත වෙන්න. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව, ඩයස්පෝරාව, පිටරට ඉන්න ශ්‍රී ලාංකාකයින්, මේ රටේ පුද්ගලික ආයතන, ස්වෙච්ඡා සංවිධාන, සමාන්‍ය ජනතාව, දරුවන් මේ සියලු දෙනාම විශාල වශයෙන් මැදිහත් වෙලා තියෙනවා ද්‍රව්‍යමය වශයෙන්, ශ්‍රමයෙන් මෙන්ම මුදල් වශයෙන් රට මේ තත්ත්වයට ගොඩගන්න.
අපිට උදව් කළ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව කියා සිටින්නේ මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසා තමයි අපිට බය නැතුව මේකට සහයෝගය දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. අපිට මේ රටම එකට එකතු කරගන්න පුළුවන් වුුණෙත් ජාත්‍යන්තරය මේ විදියට උදව් කරන්නෙත් අපි ඉදිරිපත් කරලා තියෙන අදූෂීත ආණ්ඩුකරණය මත තියෙන විශ්වාසය නිසා කියලා මම කියනවා.
ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්රයේ තත්ත්වය ගැනත් යම් අදහසක් ඉදිරිපත් කළ යුතුයි. දෙසැම්බර් 17 වැනිදා ලැබුණු දත්තවලට අනුව තමයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ.
මේක දිනෙන් දින වෙනස් වෙන තත්ත්වයක්.ඒ් නිසා මේක අවසාන දත්ත නෙවෙයි. නමුත් මේ දත්ත අනුව පාසල් 1382 පමණ සෘජුවම ආපදාවට ලක් වෙලා තියෙනවා. මධ්‍යම පළාතේත්, ඌව පළාතේත් සබරගමුව පළාතේත් තමා වැඩිම පාසල් ප්‍රමාණයක් හානියට පත්වෙළා තියෙන්නේ. අද වෙනකොට පාසල් 666 ක් හැර ඉතිරි සියලු පාසැල් මේ වනවිට විවෘත කරලා තියෙනවා.
අද නැවත මධ්‍යම පළාතේ පාසල් වැහුවා නිසා ඒ් ප්‍රමාණය නැවත වැඩිවෙලා තියෙනවා. ඒ් වගේම පාසල් ගණනාවක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනවා. ඒ් සියල්ල සළකා බලා තමා පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගත්තේ.
අපි පාසල් විවෘත කරන්න ප්‍රධාන අරමුණ වුණේ යටිතල පහසුකම් වගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය, මනෝ සමාජීය යහපැවැත්මත් බලන්න ඕනේ නිසා.විශේෂයෙන් දරුවන් සාමාන්‍ය ජීවිතයට නැවත හුරුකරන්න අපිට අවශ්‍ය වුණා. දරුවන්ට පවුල හැරුණම පාසල තරම් ආරක්ෂිත තැනක් නැ. ඒ නිසා තමයි අපි අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දීලා තියෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි මේ දින ප්‍රමාණය දරුවන්ගේ මානසික සුවය , මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් මේක අවස්ථාවක් කරගන්න කියලා.
ඒවගේම මේ ආපදාව සිද්ධ වෙනකොට උසස්පෙළ විභාගය කරමින් සිටි දරුවන් සිටියා. ඒ ඉතිරි දවස් 07 අපි නැවත සැලසුම් කරලා තියෙනවා. ඒ දරුවන්ට විශේෂ අවධානයක් දෙන්න ඕනේ. ඒ වගේම ඉදිරියේදි සාමාන්‍ය පෙළ ලියන ළමයින් ගැනත් අවධානය යොමුකරලා තියෙනවා. ඒ වගේම ආපදාවට ලක් වුණ සියලුම දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000කුත්, භාණ්ඩාගාරයෙන් රුපියල් 15000 කුත් ලෙස 25000 දීමනාවක් ලබා දෙන්න රජය කටයුතු කරමින් යනවා. මේක හුදෙක් උගන්වන්න විතරක් පාසලට කැදවනවා නෙමෙයි. ව්‍යසනයෙන් පස්සේ දරුවන්ගේ තියෙන මානසික මට්ටම ගැන හිතලා මේක කරන්නේ
ඒ වගේම විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පවා හානි වුණා. විශේෂයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලය විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියාම පැහැදිලි වුණේ සර් අයිවෝ ජෙනින්ස හදපු ඒක ගොඩනැගිල්ලකටවත් හානි වෙලා නැ.ඒ්කෙන් අපිට පාඩමක් කියලා දෙනවා .ඒ් කියන්නේ විද්‍යාත්මක කරුණු අනුව හරියට සැලසුම් කරලා සුදුසු තැන්වල හදනවනම් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඒහෙම නැතුව ගත්තු තීන්දු තීරණ නිසා තමයි මෙහෙම ව්‍යසනවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. නැවත අපි මේවා සකස් කරන්නේ අවධානම අවම වන විදිහටයි. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයෙනුත් මෙයට සහයෝගය දෙයි කියලා.
අපි මේක කරන්නේ දත්ත මත තොරතුරු මත විද්‍යාත්මකව පියවරෙන් පියවරට.අපි රටට ජනතාවට පොරොන්දුවක් වෙනවා අපි මේ රට නැවත ගොඩනගනවා.ඔබ අප සියලු දෙනා ඒකතුවෙලයි මේක කරන්නේ. ඒ සමගිය හරහා මේ රට නැවත වතාවක් යතා තත්ත්වයට පත් කරන්නත් සියලු දෙනාගේ ජිවිත සුරක්ෂිත කරන්නත් අපිට හැකියාවක් ලැබෙනවා කියලා විශ්වාසයක් ඇතුව තමයි අපි වැඩකරන්නේ.ඒ් සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිට්න බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය