පකිස්ථාන මහ කොමසාරිස් වරයා සහ අග්‍රමාත්‍යවරිය අතර හමුවක්.

පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරනය කළ අග්‍රාමාත්‍යවරිය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර බෙදාහදාගත් දිගුකාලීන සහ සුහද සබඳතා සඳහා සිය කෘතඥතාවද පළ කළාය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනාගේම අවධානය යොමුවිය.

මෙම හමුවට පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිළධාරි කණ්ඩායමට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියාවේ සහ SAARC අංශයේ අධ්‍යක්ෂ ජනරාල්/රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහතා ද ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.