උමා ඔය බහුකාර්‍යය සංවර්ධන ව්‍යාපෘතිය පොදුජන අයිතියට පැවරීමට ශ්‍රී ලංකාවට පැමිණි, ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (2024.04.24) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගත් අවස්ථාව.

අමාත්‍යවරුන් වන අලි ශබ්රි, මහින්ද අමරවීර, ආණ්ඩුකාරවරුන් වන විලී ගමගේ, සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය