අගමැතිනියට නවසීලන්ත රජයේ සුභපැතුම්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා අතර හමුවක් අද (18) පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය වෙත නවසීලන්ත රජයේ සුභ පැතුම් පිරිණැමූ අතර දෙරටේ සහයෝගීතාව තව දුරටත් පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡාවක ද නිරත විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය