ශෝක ප්‍රකාශය

හෙළ කලා කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ නර්තන ශිල්පී රැජිනි සෙල්වනායගම් මහත්මියගේ අභාවය සංවේගයට කරුණකි.

නර්තන ක්ෂේත්‍රය අර්තාන්විත පරාසයකට ගෙන යාමට ඇයට හැකිවිය.

ඇයගෙන් පෝෂිත වූ සිසු පිරිස දෙලක්ෂයකට ආසන්න ය. නර්තනාචාර්‍යවරු රැසක් ඒ අතරින් ක්ෂේත්‍රයට දායාද කර ඇත.

ඇය ක්ෂේත්‍රයට එක් කළ හර පද්ධතීන් බොහෝය.

නර්තනයේ සෑම අංශයකම සිය අනසක පැතිර වූ රැජින සෙල්වනායගම් මහත්මිය මතු පරපුරට අත් පොතකි.

රැජිනි සෙල්වනායගම් මහත්මියගේ වියෝවෙන් ශෝකයට පත් ස්වාමි පුරුෂයා වූ හරේන්ද්‍ර රුද්‍රිගු ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්, සිසු පිරිස, සහෝදර කලා ශිල්පීන් හා සහසම්බන්ධිත සැමට සංවේගය පළකරමි.

රැජිනි සෙල්වනායගම් මහත්මියට නිවන් සුව අත්වේවා.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 ඔක්තෝබර් මස 27 දින