මේ වසර අවසානයේ ගුරු සේවයට යම් ප්‍රමාණයක් හෝ බඳවාගන්නවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රටපුරා 40,000ක ගුරු හිගයක්

මේ වනවිට රට පුරා 40,000ක ගුරු හිගයක් පවතින බවත්, මේ වසර අවසන් වන විට පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට වැඩිදුර >>

ශික්ෂණලාභි ගුරු පත්වීම් ලබාදීමේදී ගැටලු ඇති වුණේ පවතින ක්‍රමවේදයේ අඩුපාඩු නිසයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බවත්, ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (20) පා වැඩිදුර >>

ජේෂ්ඨ මාධ්‍යවේදී වී.එන්. මදිඅලහන් විසින් රචිත ග්‍රන්ථ ද්විත්වය පාසල් පුස්තකාල වෙත භාර දීමට අගමැතිනියට පිළිගන්වයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දමිළ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙසත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංසථාවේ දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුතු කළ ජෙෂ්ඨ මාධ්‍යවේදී වී. එන්. මදිඅලහන් මහතා විසින් රචිත "වී.එන්. මදිඅලහන් කියන පුවත්" සහ "දමිළ විකාශනයේ ස්වර්ණමය යුගයේ සටහන්" නැමති දමිළ  වැඩිදුර >>

ශ්‍රි ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබ පිටත්ව යන රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරුන්, කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මැයි 19 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

⁣ඉන්දියාව සඳහා පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක් සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්ත ජයසූරිය, කියුබ වැඩිදුර >>

ජනාධිපති කුසලාන රග්බි තරගය නැරඹීමට අගමැතිනියත් එක්වෙයි

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති ජනාධිපති කුසලාන අන්තර් පාසල් නොක්-අවුට් රගර් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී විය.

ඉතිහාසයේ වැඩිම වතාවක් ජනාධිපති රග්බි ශූර වැඩිදුර >>

’උතුම් මිතු ඇසුර ප්‍රිය කරමු’ පොලිස් වෙසක් බැති ගී ප්‍රසංගය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

වෙසක් පුර පසලොස්වක පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "උතුම් මිතු ඇසුර ප්‍රිය කරමු" පොලිස් බැති ගී සුගායනය මැයි 17 වන දින පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වෙසක වැඩිදුර >>

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පිලිපීන තානාපතිනිය, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

ඩකා නුවර වෙසෙන ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනි අතිගරු Nina P. Cainglet මහත්මිය 2025 මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය තානාපති Cainglet මහත්මිය පිළිගත් අතර ඇගේ නව පත්වීම පිළිබඳව සිය සුබ පැතුම් පිරිනැමුවාය. මෙම සාකච්ඡාවේදී වෙළඳ හ වැඩිදුර >>

ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජියා තානාපතිනිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි අතිගරු Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය තානාපතිනි Rath Many  මහත්මිය පිළිගත් අතර, සාර්ථක ධුර කාලයක් සඳහා ඇයගේ සුබ පැතුම වැඩිදුර >>

සංස්කෘතික විවිධත්වයට ගරු කරන මානවවාදී අනාගත පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මැයි 16 වැනිදා පැවැත්වූ මාතර ඌරපොළ සිරි රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ වජ්‍ර ජයන්තිය සැමරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය. මෙරට සංස්කෘතික විවිධත්වයට ගරු කරන , පරිසර හිතකාමී හා සොබා දහමේ පැවැත්ම පිළිබඳ ආකල්ප සංවර්ධනය වූ, ශාස්ත්‍රීය දැනුමෙන් සන්නද්ධ, මානවවා වැඩිදුර >>

රටක දියුණුව රැඳී තියෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබා දෙන නිෂ්පාදන දායකත්වය මත. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව මැයි 15 වන දින අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අග්‍රාමාත්‍යතුමියගේ ස වැඩිදුර >>

පලස්තීනය වෙනුවෙන් වූ 77 වන අල්-නක්බා සැමරුමට අගමැතිනිය එක්වෙයි

පලස්තීනය වෙනුවෙන් වූ 77 වන අල්-නක්බා සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

’නක්බා අවසන් කිරීම සහ පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග’ යන තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවය ඊයේ (15) කොළඹ 07, හෙක් වැඩිදුර >>

කාන්තාවන්⁣ට සේවා ස්ථානය ආරක්ෂිත තැනක් බවට පත්කිරීම අතිශය වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ප්‍රාථමික බාහිර රෝගී ප්‍රථිකාර ඒකක දහසක් ඉදිරියේදී ඇති කරනවා - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

රැකියාවේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු විය යුතු බවත්, රැකියා ස්ථානත තුළ කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හ වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරිය වෙසක් සැමරුම් වැඩසටහන් සමග එක්වෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 14 වැනිදා කොළඹදී පැවැත්වූ වෙසක් සැමරුම් වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වූවාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් හා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ස්වදේශ කටයුතු අංශයේ දායකත්වයෙන්, ශ්‍රි ලංකා ගුවන්  වැඩිදුර >>

ග්‍රැන්ඩ්පාස් තොරණ අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් විවෘත වෙයි.

මහා ප්‍රජාපතී චරිතාපදානය සහිත තොරණ රාජයා, මැයි 12 වන වෙසක් පුන් පොහෝ දින ග්‍රැන්ඩ්පාස් කොස්ගස් හන්දිය ( තොරණ හන්දිය) දී සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සම්බුදු සිරස නිරාවරණය කරමින් විවෘත කළාය.

මෙවර 54 වන වරටත් ශ්‍රී වෛශාක්‍ය සම්බුද්ධාලෝක  වැඩිදුර >>

2025 බුද්ධ රශ්මි වෙසක් කලාපය අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත වෙයි.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය, ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය මැයි 12 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් විවෘත විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පළ කළ අදහස්,

"විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුම දෙනා ස වැඩිදුර >>

ශ්‍රී.බු.ව 2569/2025 වෙසක් සුභාශිංසන පණිවුඩය​ 

සම්බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

ශ්‍රී ලංකාවාසී අපගේ ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර් වැඩිදුර >>

ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලීමට අගමැතිනිය යයි

මැයි 11 වන දින අළුයම කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක් ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල සිදු වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීමට මැයි 11 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහ වැඩිදුර >>

කොටහේන මියගිය දරුවාගේ පොලිස් විමර්ශන විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරිය මැදිහත් වෙයි.

කොටහේන මියගිය දරුවාගේ සිද්ධිය විමර්ශන කටයුතු සිදු කරන පොලිස් කණ්ඩායම හා දරුවාගේ දෙමාපියන් සමග හමුවක් මැයි 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු  වැඩිදුර >>