නබි නායකතුමාගේ දර්ශනය සමාජ සුබසිද්ධියට යොදා ගනිමු

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරද්දී, එකී දර්ශනය තුළින් සමාජයේ සහජීවනය ඇති කිරීම එතුමන්ට ගෞරව දැක්විය හැකි නිසි මාර්ගයයි.

මිනිස් වර්ගයාට අභිවෘද්ධිය වැඩිදුර >>

මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැළැක්වීමට ස්වේච්ඡා වැඩපිළිවෙළක් නැවත අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ගුරු පත්වීම් ලබා දීමේදී පළාත තුළ පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතුයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පළාත් ආණ්ඩුකාරවරුන්, අතර හමුවක් 2023.09.26 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා -

රටේ තිබෙන ආර්ථික, දේශපාලන හා පරිපාලන තත්ත්වය සා වැඩිදුර >>

ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිදුන් චීනය හා බැඳුණු ඓතිහාසික කළණ මිතුදම ආවර්ජනයෙන්, මහජන චීන රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා මගින් කළ පරිත්‍යාගයක් වූ දොළොස් දහසක් සීතාවක සිසු දරුවන්ට පාසැල් උපකරණ කට්ටල හා ඇඟලුම් ලබාදීමේ මහෝත්සවය ’සීතාවක සිසු අරුණළු’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කීවු ෂෙන්හොන්ග් මහතාගේ සහභාගිත්වයෙන් අද ( 2023.09.25 ) හංවැල්ල රාජසිංහ විද්‍යාලයේදී සිදු කරනු ලැබීය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජගත් සූරසේන වැඩිදුර >>

තායිලන්ත මහා සංඝරත්නයෙන් බුද්ධ ප්‍රතිමා ප්‍රදානයක්...

අනාදිමත් කාලයක සිට පැවත එන තායිලන්ත - ශ්‍රී ලංකා සකලවිධ සබඳතාවන් මත සියම් දේශයේ සිට මෙහි වැඩමවා උපසම්පදාව යලි පිහිටුවා 270 වර්ෂයක් පිරීම නිමිත්තෙන් තායිලන්තයේ උප සංඝරාජ අතිපූජ්‍ය ෆ්‍රා වට් දෙබ්සිරින්ද්‍රාවස් විහාරයේ තීරේයන්මුණි හිමිපාණන් ( Somdej Phra Theerayanmuni ) ප්‍රමුඛ එරට ජනතාවගේ බොදු බැත වැඩිදුර >>

ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් තීරණාත්මක දායකත්වයක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉන්දියාව ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට යන අතරම ලොව පුරා සංවර්ධන සහ මානුෂීය ඉලක්ක ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා සංගමය විසින් 2023.09.23 දින කොළඹදී සංවිධානය කරන ලද 77 වැනි නිදහස් සංවත්සර උළෙලට එක්වෙමින් අ වැඩිදුර >>

’ලොකුම ඉඩම් මංකොල්ලය’ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.

චමුදිත සමරවික්‍රම මහතා,
Truth With Chamuditha
යූ ටියුබ් නාලිකා ප්‍රධානී,
අංක 39,
විශ්ව විද්‍යාල මාවත
කටුබැද්ද, මොරටුව.


’ලොකුම ඉඩම් මංකොල්ලය’ අසත්‍ය පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.

’ලොකුම ඉඩම් මංකොල්ලය’ නමින් CNB – Truth With Chamuditha News Brief යූ ටියුබ් නාලිකාව ඔස්සේ 2023.09.19 දින වි වැඩිදුර >>

පිලිප් - කුසුමා ගුණවර්ධන යුවල ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය සඳහා දැමූ අඩිතාලම ඉතාම ශක්තිමත්... - චීන තානාපති කී සෙන්හොන් මහතා.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.09.21 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

අතීතයේ පටන් පැවැති චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙනයාමට වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් පිලිප් - කුසුමා ගුණවර්ධන යුවල 1940 දශ වැඩිදුර >>

කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරුයාව සිටි හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීමතානන්ගේ හතළිස් වන ගුණ සමරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.09.20) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේදී පැවැත්විණි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, ජගත් කුමාර, හිටපු ආණ්ඩුකාර වරුන්වන සරත් ඒකනායක, ටිකිරි කොබ්බෑකඩුව ඇතුළු ප වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකා - ඉරාන ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වුණා.- ඉරාන තානාපති

ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ අඛණ්ඩව සහයෝගය ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව, ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් සිට සිය සේවා කාලය අවසන් කොට නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ වැඩිදුර >>

ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට සහයෝගීතාවය අපේක්ෂා කරනවා.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායක ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය අතර හමුවක් අද (2023.09.18) අරලියගහ මන්දිරයේද පැවැත්විණි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අතීත සහයෝගීතාව ගැන සඳහන් කළ බංග්ලාදේශ කථානායකවරිය දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අව වැඩිදුර >>

ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස ධර්මපාලතුමා අර්ථාන්විතව ඉදිරිපත් කළ නිසා බුදු දහම ලෝකයට ගෙන ගියා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ලෝක විශ්වවිද්‍යාල බුදු දහම ගැන පර්යේෂණ ආරම්භකොට ශතවර්ෂයක් ගෙවෙද්දී අපි කොතනද?

මරදාන,මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ අද (2023.09.17) පැවැති අනගාරික ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දින සැමරුමට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අනගාරික ධර්මපාලතුමාගේ ගිහි ප්‍රතිමා මිස පිරිස  වැඩිදුර >>

ඉදිරියේදී වසරකට පෙර උපාධිය කරා ගමන් කිරීමට හැකි වේවි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

නිසි කලට විභාග පවත්වා නිසි කලට ප්‍රතිඵල දිය යුතුයි.

ජාතියට අභිමානයක් ගෙන දුන් විශාඛාව දැයට දායාද කළ මානව සම්පත් බොහෝයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2023.09.15 දින විසාඛා විද්‍යාලයේ ත්‍යාග ප්‍රධාන උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"බෞද් වැඩිදුර >>

“පළාත් පාලන ආයතන වල අවසර දෙන ඉදිකිරීම් සංවර්ධන සැලැස්මට අනුව විය යුතුමයි.” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

“බොහෝ අඩුපාඩු තියෙනවා. ඒත් රට ගොඩනැංවීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතුයි.” - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේදී 2023.09.15 දින දිස්ත්‍රික් ලේකම් සමුළුව පැවැත්විණි.
 වැඩිදුර >>

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ.... - කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය

මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූ වැඩිදුර >>

පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2023.09.14) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමණාකරණය හරියට කෙරෙන්නේ නැහැ කියලා ජනතාවගෙන් දැඩි විරෝධයක් තියෙනවා. විශේෂයෙන් ගම්පහ හා කො වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් සහතිකයක්...

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය වෙළඳ හා කර්මාන්ත ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයෝ සහතික වෙති.

ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (2023.09.13) අරලියගහ මන්දිරයේ දී පැවත වැඩිදුර >>