වත්මන් ආර්ථික සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගීව මව්බිමට සම්පතක් වන්න. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලයි.

තම වෘත්තීය අත්දැකීම් බෙදාහදා ගනිමින් සහ ඒ ඒ ක්ෂේත්‍රවල නිර්මාණය කර ඇති නව්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මාතෘ භූමියේ වත්මන් ආර්ථික ගමනට සම්බන්ධ වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී 2024.03 වැඩිදුර >>

සිංහ කොඩිය බීජිං අගනුවර ලෙලදෙමින් අගමැති දිනේෂ් මහත් උණුසුමෙන් පිළිගනී

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බීජිං වෙත...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ අද (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැ වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක.....

චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.03.24) සවස චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියේය.

’ආසියාව සහ ලෝකය, සාමාන්‍ය අභියෝග, පොදු වගකීම්’ යන්න මෙවර බොආඕ සමුළුවේ තේමාවයි.  වැඩිදුර >>

අරලියගහ මන්දිරයේ සිට, ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පසළොස්වක පොහෝ දිනකම, (පෙ.ව. 9.00 සිට 10.00 දක්වා) මැලිබන් සමාගමේ බැතිබර දායකත්වයෙන් සජීවී ව ගෙන එන, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා ධර්ම දේශනා මාලාව.

මැදින් පොහෝ දින දේශකයාණන් වහන්සේ,

මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමය, කෝංගොඩ ගංගාරාමය, ජපානයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති මලේගොඩ සිරිනන්දන ත්‍රිපිටක ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යක්ෂ, කෘත්‍යාධිකාරී, බේරුවල සාසනාරක්ෂක බල මණ්ඩලයේ උතුරු කලාපයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සිය වැඩිදුර >>

ශ්‍රී ලංකාවට ඉදිරි මූල්‍ය සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව... -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි පියවරට සුදුසුකම් ලැබීම ජයග්‍රහණයක්...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (2024.03.22) අවිස්සාවේල්ල මූලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිණි.

ඉදිකිරීම් අවසන් වන විට මෙම සය මහල් නව ශල්‍ය වාට්ටු වැඩිදුර >>

ජලය ජීවයයි. ඒ සඳහා කිසිදු විකල්පයක් නැත.

ආදි මුතුන් මිත්තෝ ලොව මවිත කළ ජල සම්පාදනයෙහි කෙළ පැමිණියෝ වූහ. අහසින් වැටෙන එකඳු ජල බිදුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොහැරීමට ඔවුහු වගබලා ගත්හ. ඔවූහු ජල මූලාශ්‍ර, ජල පෝෂක දේවත්වයෙන් ආරක්ෂා කොට කළමණාකරණයෙන් මතු පරපුරට දායාද කළහ.

වත්මන ගෝලීයකරණය හා සීඝ්‍ර නාගරීකරණය හමුවේ ජල ස වැඩිදුර >>

ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් සඳහා වූ විශේෂිත කොමිසමක් ඇතුළත් කාන්තා අයිතිවාසිකම් පනත ළඟදීම පාර්ලිමේන්තුවට... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් කාන්තා දින සමරු උත්සවය "කොළොම්පුර ලිය අභිමන් 2024" වැඩසටහන කොළඹ , දිසාපති කාර්යාලයේදී අද (2024.03.21) පැවැති අවස්ථාවේදීය.

දිස්ත්‍රීක්කයේ හොඳම ව්‍යවසායිකාවන් සඳහා සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම , ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය වැඩිදුර >>

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් සපයන්නන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා අතර සාකච්ඡාවක් 2024.03.19 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ආචාර්ය සුබ්‍රමනියම් එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ අතර 2024 ජූනි මාසයේ පැවැත්වීමට නියමිත වැඩිදුර >>

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන...

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.03.19 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හී දී පවත්වනු ලැබීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද වැඩිදුර >>

කෘත්‍රිම බුද්ධි (AI) අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම මඟින් නවතම මයික්‍රොසොෆ්ට් ව්‍යාපෘතියක් පාසල් විෂය නිර්දේශයට ...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් අධ්‍යාපන හා සමාජ ප්‍රතිලාභ ක්ෂේත්‍ර සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රසාදය පළ කරයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මයික්‍රොසොෆ්ට් ඉන්දියා සහ දකුණු ආසියා සභාප වැඩිදුර >>

නාස්තිය හා දූෂණය කපා හරිමින් 2024 වසරේදී ඉලක්කගත සංවර්ධන ක්‍රියාදාමයකට අවතීර්ණ වෙමු - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

රට ගොඩනැගෙන්නේ සහයෝගයෙන් සහ එකමුතුවෙන්. රට ගොඩනැගුනොත් එහි ප්‍රතිඵලය ඔබටයි ඔබගේ දරුවන්ටයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උඩුගම මූලික රෝහලේ සිව් මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවන්ට 2024.03.18 දින එක් වැඩිදුර >>

නව පකිස්ථාන මහ කොමසාරිස් අගමැති හමුවෙයි

නව පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් (Faheem ul Aziz) මහතා මාර්තු 15 වන දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

අලුතින් තේරී පත් වූ පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි (Asif Ali Zardari) සහ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) වෙත එවන ලද ආශිර්වාද සහ ස වැඩිදුර >>

’සවිමත් අනාගතයට පෙරවදනක් - 2024’ දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු සමග විශේෂ සාකච්ඡාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් අද (15) කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණී.

2024 අයවැයෙන් යෝජනා කළ ප්‍රධාන වැඩසටහන් පහක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාව ට බඳුන් කෙරිණි.

ඒ අනුව අස්වැසුම වැඩසටහන, සින්නක්කර ඔප්පු බෙදා දීමේ උරුමය, විමධ්‍යගත අයවැය, කඳුකර දශකය යන වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණ සිටි රාජ්‍ය නිලධාරීන් සමග පවතින ගැටලු සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ආකාරය  වැඩිදුර >>

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් 2024.03.14 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය සඳහා යෝජිත සේවා ව්‍යවස්ථාව, වැටුප් විශමතා සහ ග්‍රාම නිළධාරීන්ගේ වෘත්තීය ගරුත්වය රැකගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, වෘත්තීය සමිති නියෝජිත වැඩිදුර >>

කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ඉදිකළ ’ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව.’

කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් මිලියන 170 ක් වැය කොට අංග සම්පූර්ණව ඉදිකරන ලදී.

පසුකාලීනව සම්බන්දිත ආයතනික ගැටලු කිහිපයක් නිසා  වැඩිදුර >>

පෞද්ගලික අංශය තුළ ක්‍රියාත්මක වූ සාමුහික උත්සාහයන් තුළින් ඵලදායීතාවය වැඩි කිරීමේ සංකල්පය රාජ්‍ය අංශයට හදුන්වා දෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2024.03.14) කැළණිය - මහර ඉදිකළ ’නිලපියස’ නිවාස සංකිර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

රාජ්‍යයක නිසි පැවැත්ම සඳහා කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවාවක් තහවුරු කළ යුතුයි. රාජ්‍ය සේවාවට සුදු වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරයා හා හලාවත රදගුරු හිමිපාණන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හලාවත පදවියේ සිව්වන රදගුරු අතිඋතුම් ආචාර්ය දොන් විමල් සිරි ජයසූරිය මාහිමිපාණන් හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැඳුරේදී 2024.03.12 දින හමු විය.

දොන් විමල් සිරි මාහිමිපාණන් හලාවත පදවියේ හතරවන රදගුරු හිමිපාණන් ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් ම වැඩිදුර >>

අග්‍රාමාත්‍යවරයා පුත්තලම, නවදන්කුලම විද්‍යාලයට සහ හලාවත ශාන්ත මේරි විද්‍යාලයට යයි.

පුත්තලම, මුන්දලම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වීම සඳහා ගමන් කළ අතරතුර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2024.03.12 දින නවදන්කුළම කනිෂ්ඨ විද්‍යාලයේ සහ හලාවත ශාන්ත මේරි විද්‍යාල වලට ගොස් එම විද්‍යාලවල සිසු දරු දැරියන් හමුවී ඔවුන් සමඟ සුහද කතාබහක නිරතවිය.

 වැඩිදුර >>