ඉදිරියේදී වසරකට පෙර උපාධිය කරා ගමන් කිරීමට හැකි වේවි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

නිසි කලට විභාග පවත්වා නිසි කලට ප්‍රතිඵල දිය යුතුයි.

ජාතියට අභිමානයක් ගෙන දුන් විශාඛාව දැයට දායාද කළ මානව සම්පත් බොහෝයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2023.09.15 දින විසාඛා විද්‍යාලයේ ත්‍යාග ප්‍රධාන උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"බෞද්ධ කාන්තා විද්‍යාලය ලෙස ඇරඹි අප රට අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිසල් ආදර්ශ දායාද එකතු කලා. පානදුර ජෙරමියස් දියෙස් මැතිනිය ඇරබි මෙම අධ්‍යාපනික ගමන හුදෙක් පාසලක් බිහි කිරීම සදහා පමනක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනසකට පරිවර්තනය කළ හැකි කාන්තා පරම්පරාවකට මග පෙන්වන කේන්ද්‍ර අධ්‍යාපන උල්පතක් බවට පත්වුණා. ක්‍රමානුකූල සැලැස්මක් යටතේ එය අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් වීම භාගයයක්. මේ කාන්තා විද්‍යාලය පසු කාලයක තවත් සුවිශේෂ ක්ෂේත්‍ර කරා ගමන් කරන විද්‍යාලයක් බවට පත් වුණා.

දැනුම සිප් සතර, පූර්ණ පුරවැසියකු බිහි කිරීමේ කර්තව්‍ය හා එහි බලපෑම නිසා විසාඛාව ජාතික වශයෙන් බැබළෙන්නට පටන් ගත්තා. ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතියෙන් විශාඛාවට සුවිශේෂී තැනක් අත්වන්නෙ මේ නිසයි. රට පුරාත්, විදේශ පුරාත් කතා කරන්නේ ඒ පණිවිඩයයි. අපේ ජාතියට මහා ආඩම්බරයක්.

පොල් අතු සෙවිලි කළ පාසල් ශාලා පනහ හැටේ දශකයේ මුලදීත් අපි දැක්කා. ඒ කිසිවක් විසාඛාව ආපසු හරවන්නට සමත් වුනේ නැහැ. ක්ශේත්‍ර රාශියක වගකීම් භාරගන්නා පුරවැසියන් බිහි කළ තෝතැන්නක් බවට විසාඛාව පත්වීම ආඩම්බරයක්. විශාකාව අධ්‍යාපනයේ මහා පෙරළියක කේන්ද්‍රස්ථානය වුනා.

විද්‍යා ක්ෂේත්‍රය මෙරට කාන්තා පරපුරට විවෘත වුණා. ඒ හරහා තවත් බොහෝ විද්‍යාලවල විද්‍යා විෂයට කාන්තාවන්ට විවෘත වුනා. දායාදයන් රාශියක් සමාජගත කළා සේම ගැඹුරින් රටක් ගොඩ නැගීමේ කාර්යයට විසාඛා විද්‍යාලය එක් වුනා.

විද්‍යාලයකින් පිටව විශ්ව දැනුමට අවතීර්ණ වන කේන්ද්‍රස්ථානය වෙන විශ්වවිද්‍යාලයට අපි ගමන් කරන්නේ ලොව දැනුම හා එක්වෙමින් සුවිශේෂ දායාදයන් රටකට එක්කිරීමටයි. විද්‍යාලයක් හා විශ්වවිද්‍යාල ක් අතර වෙනස ඇති වෙන්නේ ඒ නිසයි.

ඔබ ශිෂ්‍යයාවන් ලෙස, අසීරු කාලයක් පසු කලා. පසුගිය කාලයේ රට ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. අපි දැන් යළි හිස ඔසවන රටක්. දැඩි කැපවීම දැනුම ලබාදීමේ ක්ෂේත්‍ර වඩ වඩා පුළුල් කිරීම නව ක්සේත්‍ර බිහිවෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨ වලට අවතීර්ණ වී රටට සේවය කල හැකියි.

අපි කවුරුත් වගේම, දෙමව්පියෝ, පාසල් යන දරුවෝ පාර්ථනා කරන්නේ නිසි කලට විභාග පවත්වලා,වෙලාවට ප්‍රතිඵල ලැබිලා, නිසි කලට උසස් අධ්‍යාපනයට යන්න දොරටු විවෘත වීමයි. මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා. එය අත්‍යවශ්‍යයි.

පාසල් අධ්‍යයන කාලයෙන් වසරක් අඩුකර ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. එය හැකි වුණොත් අපේ දරුවෝ වසරකට පෙර උපාධිය කරා ගමන් කරනවා. එපමණක් නොව, විවිධ ක්ෂේත්‍ර වලට ගමන් කරන්න හැකි වෙනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කළ යුතුමයි.

විභාග කොමසාරිස් එච්.ජේ.එම්.සී. ජයසුන්දර, විදුහල්පති මනෝමි සෙනෙවිරත්න, ගුරු දෙගුරුන්, වත්මන් හා ආදී විසාඛා දියණියන් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය