ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති, Semih Lütfü Turgut මහතා 2024.10.25 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. මෙහිදී ආචාර්ය අමරසූරිය තානාපති Turgut වෙත පසුගියදා තුර්කියෙහි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළාය. එසේම මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය තුර්කි රජය වෙත ශ්‍රී ලංකාවේ සහය යළි තහවුරු කළ අතර ජාතීන් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකමද අවධාරණය කළාය.
මෙම අවස්ථාවට තුර්කි තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Merve Gozde Otlu මහත්මිය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා සහ යුරෝපා හා උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝභිනි කේ. ගුණසේකර මහත්මිය සහභාගි විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.