අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය කර්ණාටක්හි සංස්කෘතික අමාත්‍ය සිරිනිවාස් ගෝඩ්, ජනප්‍රිය රංගන ශිල්පී ගගන් මලික් හා නිෂ්පාදක නවින් ගුණරත්න අතර හමුවක් 2023.09.22 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී. මෙම හමුවේදී බුදු රජාණන් වහන්සේ පිළිබඳ චිත්‍රපටයේ 2 වන කොටස නිෂ්පාදනය කිරීමේ සැලසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරනු ලැබීය.