අග්‍රාමාත්‍යවරයා හා හලාවත රදගුරු හිමිපාණන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හලාවත පදවියේ සිව්වන රදගුරු අතිඋතුම් ආචාර්ය දොන් විමල් සිරි ජයසූරිය මාහිමිපාණන් හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැඳුරේදී 2024.03.12 දින හමු විය.

දොන් විමල් සිරි මාහිමිපාණන් හලාවත පදවියේ හතරවන රදගුරු හිමිපාණන් ලෙස පත් කරනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් මාසයේදීයි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය