අගමැතිතුමා ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වතාවත්වල...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන්, 2023.03.02 දින අරලියගහ මන්දිරයේ දි, පිරිත් සජ්ජායනාකර, ආශිර්වාද කිරීමක්, අරලියගහ මන්දිරය බැලීමට පැමිණි, කොළඹ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහලේ ශිෂ්‍යාවන්ට, ත්‍යාග සහ ආහාර සංග්‍රහක්, රාජගිරිය කළපළුවාව ශ්‍රී ගෞතම තපෝවනය විහාරස්ථානයේදී දානමය පින්කමක්, වැල්ලවත්ත ලංකා ආධාර ළමා නිවාසයට, රත්මලාන හෙල්ප්ඒජ් සංවිධානය පවත්වාගෙන යන, වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හා කොට්ටාව තිසරණ වැඩිහිටි නිවාසයට ද දානය පිරිනැමීමද සිදු කෙරිණි.

කෝට්ටේ රජමහ විහාරයේ ආශිර්වාද පින්කමක්ද සිදුකල අතර, කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයට පැමිණ, විහාරාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ආශිර්වාද ලබාගත්තේය.