ශ්‍රී ලංකා සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවර, ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 123 වන ජන්ම දිනය යෙදුණු අද (2024.01.11) අවිස්සාවේල්ල බොරළුගොඩ පිහිටි පිලිප් ගුණවර්ධන සමාධියට පුෂ්පෝපහාර දැක්විම, මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන ඇතුළු පවුලේ ඥාතීන්, ජනතා නියෝජිතයින්, ම.එ.පෙ. පාක්ෂීකයින්, හිතවතුන් ඇතුළු පිරිසක් එක්වූහ.