පාමංකඩ ශ්‍රී මහා විහාරයේ අභිනව භාවනා මාලකය සහිත ගොඩනැගිල්ල අද (2023.09.29) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් විවෘත කෙරිණි.

ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ පදිංචි වෛද්‍ය මොහාන් කුමාරරත්න සහ සාවිත්‍රි කුමාරරත්න මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ නිර්මාණ දායකත්වයෙන් අභිනව භාවනා මාලකය ඉදිකෙරිණි.

පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, අග්ග මහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වල්පොළ පියනන්ද හිමි, විහාරාධිකාරී, රාජකීය පණ්ඩිත වල්පොළ සිරි පියරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් විරසේකර, යදාමිණී ගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින්, දායකයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.