ග්‍රීක තානාපතිනිය හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති අලිකි කෝට්සොමිටොපෝලෝ (Aliki Koutsomitopoulou) මහත්මිය අතර හමුවක් ඊයේ (ජුනි 5) අරලියගහ මන්දිරයේදී සිදුවිණි.

ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය, සමුද්‍රීය ගැටලු සහ වාණිජ නාවික රැකියා අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉකුත් සමයේ සමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් ග්‍රීසිය හා ශ්‍රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගෙන ඇති ප්‍රතිසංස්කරණ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.

ග්‍රීක නැව්වල ශ්‍රී ලංකා නාවිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමේ හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා තානාපති කෝට්සොමිටොපෝලෝ ගෙන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් නැව් සමාගම් සමඟ සාකච්ඡා කිරීමට තානාපතිය කැමැත්ත පළ කළා ය. ඇය නවදිල්ලියේ නේවාසික ව ශ්‍රී ලංකාවේ තානාපති ධුරය දරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද මෙම සාකච්ඡාවට එක්ව සිටිය හ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය