බංගලාදේශ මහ කොමසාරිස් ලෙස කටයුතු කර නික්ම යන තරීක් එම්ඩී. අරිෆුල් ඉස්ලාම් මහතා ජුලි 23 වැනි දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සමුගැනීමේ හමුවකට එක් විය.

ඔහු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ බංග්ලාදේශ නිත්‍ය නියෝජිතයා ලෙස පත් කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා ඔහුගේ නව ධුරය වෙනුවෙන් සුබ පැතුම් එක් කළේ ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය