කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්රණ ශාලාව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් මිලියන 170 ක් වැය කොට අංග සම්පූර්ණව ඉදිකරන ලදී.
පසුකාලීනව සම්බන්දිත ආයතනික ගැටලු කිහිපයක් නිසා මධ්‍යස්ථානය භාවිතා කිරීමේ ගැටලු පැන නැගින. එය නැවත ක්‍රියාත්මක තලයට ගෙන ඒම පිළිබඳ මූලික සාකච්ඡාවක්, කැලණිය විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ ඥානරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේදී පසුගියදා (2024.03.14) පැවැත්විණි.
කෙටි කාල රාමුවක් තුළ අඩුපාඩු හා අවශ්‍යතා සපුරා ක්‍රියාත්මක තලයට ගෙන ඒමට සම්බන්ධිත ආයතන වූ, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, මධ්‍යම ඉන්ජිනේරු උපදේශන කාර්යාංශය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එකඟතාවයකට පැමිණියේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන, අදාල අමාත්‍යංශ ලේකම්වරු, අංශ ප්‍රධානීන් සහභාගි විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය