ලෝක ළමා දින පණිවිඩය

හොඳම දේ දරුවන්ටය. එය දිනකට පමණක් නොව හැමදාටමය. සංවර්ධිත, ශක්තිමත් ජාතියක් ගොඩනැගෙනුයේ දරුවන් වෙනුවෙන් අද කරන එකී කැපකිරීම් හා ආයෝජනයන් මතය.

දරුවන් උදෙසා යහපත් ලොවක් බිහි කරනු වස්, ලෝක ජනතා දැනුවත් හා සංවේදීභාවය වැඩිදියුණු කිරීමට ළමා සැමරුම් දිනක් වේ. එනමුදු ළමා ලෝකය ගොඩනැගීම සඳහා දිනක් නොව සෑම මොහොතකම ප්‍රයත්නයන් දැරිය යුතුය. කැපකිරීම් කළ යුතුය.

ශීඝ්‍රයෙන් වෙනස් වන ලොවක දිනෙන් දින උදාවන විවිධාකාර හා නොසිතූ අභියෝගයන්ට ශක්තිමත්ව හා සාර්ථකව මුහුණ දී දරු පරපුර සුරැක, යහපත් අනාගතයකට මඟ හෙලි පෙහෙලි කිරීම රජයක අභිලාශයයි.

කිසිඳු දරුවකු නොසලකා හැරීමකට භාජනය නොවී සමසම්පත් හා මාර්ගෝපදේශයන් ලබා දෙමින් ඊට අවැසි ශක්තිය ලබා දීමට රජය නිබද කැපවී සිටී.

දැයේ දරුවන්ට පැහැබර හෙටක් පතමි.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 ඔක්තෝබර් 01