උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතු වලට බාධා කිරීම පිළිබඳ විමර්ශන වාර්තාවේ කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාට...

උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතු වලට බාධා කිරීම පිළිබඳ විමර්ශන කොමිසම් වාර්තාවේ කෙටුම්පත ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව ඉකුත් දා (26) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය.

ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව වෙනුවෙන් ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය