රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන්....

රාජ්‍ය භාෂා දින උත්සවය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (2024.07.05) කොළඹ දී(SLIDA) පැවැත්විණි.

සෑම වසරකම ජූලි 01 වෙනිදායින් පටන් ගන්නා සතිය රාජ්‍ය භාෂා සතිය වශයෙන් නම් කෙරෙන අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රජ්‍ය භාෂා කොමිෂන් සභාව හා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය එක්ව භාෂා සතියට සමගාමීව දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන ලදි.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න,රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කොමසාරිස් ඩී.කළන්සූරිය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රින්ස් සේනාධීර, සම්මානිත මහාචාර්ය ජේ.බී .දිසානායක, ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය