අනුරාධපුර ඓතිහාසික ථූපාරාම විහාරස්ථානයට ඉඩම් ඔප්පුවක් පිරිනැමීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්...

අනුරාධපුර සුබසිංහ වලව්ව හා ඉඩම එහිමි දානපති පවුල විසින් බුද්ධශාසන අරමුදලට පරිත්‍යාග කොට ථූපාරාම විහාරස්ථානයේ ඉදිරි ශාසනික සංවර්ධන කටයුතු වෙනුවෙන්, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත පූජා ඔප්පුවක් මගින් පූජා කිරීම, බුද්ධශාසන අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.07.11දින අනුරාධපුර, මහා විහාරයේදී සිදුකෙරින.

මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රදීප් යසරත්න, අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය