ගංවතුරෙන් පීඩාවට පත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උකරණ හා ඩෙස් පුටු පරිත්‍යාග කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ඇස්වත්ත දකුණ කණිෂ්ඨ විද්‍යාලයේදී සිදුකෙරිණි.

පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර හා නාය යෑම හේතුවෙන් සිතාවක ජනතාව දැඩි පීඩාවට ලක්වූ අතර පාසල් දරුවන්ගේ පොත්පත් ඇතුළු අධ්‍යාපන උකරණවලට ද හානි සිදුවිය.

මෙම අවස්ථාවට සිතාවක ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය