ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාවය ඇති රටක් බවට පත් කරනවා.

සෑම කෙනෙක්ටම පෝෂ්‍යදායී ආහාර ලබා ගත හැකි තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පැවති ලෝක ආහාර දින උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින්නේ කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාවය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සැලකීම නිසා යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගෝලීය ඍණාත්මක බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව ද ආහාර සුරක්ෂිතාව අතින් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින හෙයින් මෙරට ගොවීන්ගේ ත්, මිත්‍රශීලී ජාතීන්ගේ සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනවල සහායෙන් නැවතත් ආහාර සුරක්ෂිත රාජ්‍යයක් වීමේ හැකියාව ඇත. ආහාර නිෂ්පාදනයේ වැදගත්කම ජනතාව අවබෝධ කරගෙන සිටින වර්තමානයේ දී ජනතාව කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර නිශ්පාදන වැඩසටහන ජාතික, දිස්ත්‍රික් , ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මකව ඇතැයිද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. අනාගත අර්බුද වලට ඔරොත්තුදීමේ හැකියාව සහිත නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන එක්ව " වඩා හොඳ නිෂ්පාදනයක්, වඩා හොඳ පෝෂණයක්,වඩා හොඳ පරිසරයක් සහ යහපත් ජීවිතයක් යන මැයෙන් ලෝක ආහාර දිනය සමරන ලැබීය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක සරත් ඩෑෂ් (sarat dash), ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO හි නියෝජිත, විමලේන්ද්‍ර ශාරන්(Vimlendra Sharan), ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා IFAD අධ්‍යක්ෂ ෂෙරීනා සමඟ Tabassum සහ WFP ශ්‍රී ලංකා භාර නිලධාරි ජෙරාඩ් රෙබෙල්ලෝ ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සහභාගි වූහ.