කතරගම භෞතික සැලසුම් විශ්‍රාම ශාලාව නැවත කිරි වෙහෙරට.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාගරික සංවර්ධන හා පුජාභූමි සංවර්ධන අමාත්‍යවරයා ව සිටිය දී ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් කතරගම අංගසම්පූර්ණ විශ්‍රාම ශාලාවක් ඉදි කොට ඒ කටයුතු පවත්වාගෙන යාම කිරිවෙහෙර රජමහා විහාරයට භාර කළේය.

එවකට කිරිවෙහෙර රජමහා විහාරාධිපතිව වැඩ සිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් එය මනාව පවත්වාගෙන යමින් බැතිමතුන්ට පහසුකම් සැලසුවේය.

පසු කලෙක එය කිරිවෙහෙර රජ මහා විහාරායෙන් ඉවත් කොට නැවත අමාත්‍යංයේ පාලනයට පවරා ගන්නා ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විෂය භාර අමාත්‍යවරයා සමග කතිකා කොට කැබිනට් පත්‍රිකාවක් මගින් එය නැවත කිරි වෙහෙර රජමහා විහාරයට පවරන ලදී.

2023.08.26 දින අග්‍රාමාත්‍යවරයා විසින් වත්මන් කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ට අදාළ නෛතික ලියකියවිලි භාරදුන් අවස්ථාව.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය