තායිලන්ත මහා සංඝරත්නයෙන් බුද්ධ ප්‍රතිමා ප්‍රදානයක්...

අනාදිමත් කාලයක සිට පැවත එන තායිලන්ත - ශ්‍රී ලංකා සකලවිධ සබඳතාවන් මත සියම් දේශයේ සිට මෙහි වැඩමවා උපසම්පදාව යලි පිහිටුවා 270 වර්ෂයක් පිරීම නිමිත්තෙන් තායිලන්තයේ උප සංඝරාජ අතිපූජ්‍ය ෆ්‍රා වට් දෙබ්සිරින්ද්‍රාවස් විහාරයේ තීරේයන්මුණි හිමිපාණන් ( Somdej Phra Theerayanmuni ) ප්‍රමුඛ එරට ජනතාවගේ බොදු බැතියෙන් යුතුව පරිත්‍යාග කරන්නට යෙදුණු සමාධි බුදුපිළිම වහන්සේ ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව පිළිගෙන 2023.09.24 දින අරලියගහ මන්දිරයේදී සන්නස්පත්‍ර හුවමාරු කරගත්තේය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, තායිලන්ත තානාපති පොජ් හාන්පොල් (Poj Harnpol) මහතා සහ දෙරටේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය