ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මැතිදුන් චීනය හා බැඳුණු ඓතිහාසික කළණ මිතුදම ආවර්ජනයෙන්, මහජන චීන රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා මගින් කළ පරිත්‍යාගයක් වූ දොළොස් දහසක් සීතාවක සිසු දරුවන්ට පාසැල් උපකරණ කට්ටල හා ඇඟලුම් ලබාදීමේ මහෝත්සවය ’සීතාවක සිසු අරුණළු’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කීවු ෂෙන්හොන්ග් මහතාගේ සහභාගිත්වයෙන් අද ( 2023.09.25 ) හංවැල්ල රාජසිංහ විද්‍යාලයේදී සිදු කරනු ලැබීය.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජගත් සූරසේන යන මහත්වරු සහ ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.