අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතනයන්හි සභාපතිවරු හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා අනුරාධපුර දී සිදුවිය.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන ආයතන මුහුණපාන ගැටලු, මහජන සේවාවන් සැපයීම සඳහා ඒ තුළින් ඇතිවන දුෂ්කරතා පිළිබඳ සභාපතිවරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.
රජය විසින් ක්‍රියාත්මක ග්‍රාමීය අර්ථිකය නැංවීමේ වැඩසටහන් සඳහා පළාත් පාලන ආයතනන්හි දායකත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, යදාමිණි ගුණවර්ධන, හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන අය මෙම අවස්ථාවට එක්විය.