* අධ්‍යපන පිළිබඳ විශ්වාසය ගොඩනගනවා
* පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන් රැක ගැනීමට ප්‍රතිපත්ති සකසනවා
* ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ස්වාධිනව, සතුටින් ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා
* තනි තනිව අපේ ප්‍රශ්න විසදීමට උත්සහ කරනවාට වෙනුවට ඊට එහා ගිහින් මේ සමාජ අර්බුදය හරියට හදුනාගෙන , අපි සාමුහිකව මැදිහත් විය යුතුයි.
හොඳම දේ සියලු දරුවන්ට යන සංකල්පය මත හිදිමින් දැයේ සියලු දූ පුතුන් සඳහා හොඳම දේ ලබා දීම වර්තමාන රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ 2024.10.01 දින බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේ පැවැති ලෝක ළමා හා වැඩිහිටි දිනයේ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.
මෙවර ලෝක ළමා හා වැඩිහිටි දිනයේ තේමාව "සෙනෙහසේ දෑත් දිගුකර රකිමු... වැඩිහිටි, ළමා පරපුර.” යන්නයි.
අධ්‍යාපනය වෙනුවෙන් වර්තමාන රජය කැපවන බවත් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීමට ප්‍රතිපත්ති සකසන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"අද අපි සමරන්නේ අපේ සමාජය තුළ අතිශයින්ම වැදගත් දෙපිරිසක් සමරන දිනයයි. දරුවන් කියන්නේ අපිට අපේ අනාගතය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ අපිට අපේ අනාගතය මෙතනට ගේන්න, වර්තමානය බිහි කරලා දුන්න පරපුර. ඉතින් ඒ කොටස් දෙකටම අපි අද ගෞරව කරන, අගයන දවස. ඕනම රටක අපි බැලුවොත් ඒ රට කොච්චර ශිෂ්ට සම්පන්නද කොච්චර සංවර්ධිතද කියලා හොයනකොට එහි, වැදගත්ම නිර්ණායකයක් වන්නෙ ඒ සමාජය තුළ දරුවන්ට, වැඩිහිටියන්ට ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට කොච්චර හොඳට සලකනවද කියන එකෙන්.
විශේෂයෙන්ම සමාජය තුළ ආරක්ෂාව, රැකවරණය හා ආදරය ලැබිය යුතු ප්‍රජාවන් හැටියට ඒ දරුවන්ටත් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් සමාජයක් තුළ සලකන විදිය අතිශයින්ම වැදගත් සහ ඒ සැලකීම තුළ අපිට අදහසක් ගන්න පුළුවන් ඒ රට කොච්චර දියුණුද, කොච්චර මානුෂීයද, කොච්චර ශිෂ්ඨසම්පන්නද කියන එක පිළිබඳව. එහෙම බලනකොට මං හිතන්නේ අපි සියලු දෙනාටම පිළිගන්න වෙනවා.
තව අපිට රටක් හැටියට සමාජයක් හැටියට කරන්න වැඩ බොහොමයක් ඉතුරු වෙලා තියෙන බව. මේ පහුගිය වසර ගණනාව තුළ විශේෂයෙන්ම ඇති වුණු ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් මේ සියල්ලම දිහා බලනකොට ප්‍රධානම වින්දිතයන් බවට අපේ දරුවන් පත් වුණා. අද වෙනකොට ගොඩනැගිලා තියෙන ඉතාමත්ම තරඟකාරි පීඩාකාරී සමාජයේ ප්‍රධාන වින්දිතයන් බවට ඔවුන් පත්වෙලා. සමාජය තුළ බිඳ වැටී තිබෙන සමාජ සම්බන්ධතා පවුල් සම්බන්ධතා මෙන්ම එකිනෙකා පිළිබඳ විශ්වාසනීයත්වයක් නැති වීම තුළින් හා ආයතන පිළිබඳ විශ්වාසනීයත්වය බිඳ වැටීම තුළින් සමාජීය අර්බුද ඇති වෙලා තියෙනවා. තමන්ගේ දේශපාලන නායකයන් පිළිබඳ විශ්වාසනීයත්වය දුර්වල වීම තුළින් සහ තමාට සේවය කළ යුතු රජයේ ආයතන, රාජ්‍ය නොවන ආයතන, පුද්ගලික ආයතන මේ සියල්ලම තුළ පොදුවේ ජනතාව තුළ තියෙන සැකය ඉතාමත්ම හානිදායකයි. සමාජයක් දියුණු වෙන්න නම් සමාජයක් ශක්තිමත් වෙන්න නම් වැදගත්ම කාරණයක් වෙන්නේ අපි එකිනෙකා පිළිබඳ තියෙන විශ්වාසය. ආයතන පිළිබඳ තියෙන විශ්වාසයත්, දේශපාලන නායකත්වය පිළිබඳ තියන විශ්වාසයත් දුර්වල වෙනකොට, ඒ විශ්වාසය නැති වෙලා යනවා. එතකොට විශාල සමාජ අර්බුද නිර්මාණය වන බව ඉතාමත්ම පැහැදිලියි. අපි විසඳිය යුතු සහ ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධානම දේ තමයි මේ සමාජ අර්බුදය. සමාජ ප්‍රශ්න කෙරෙහි අපිට හැඟීමක් ඇති වුණොත්, මේ ප්‍රශ්නවලට අපි තනිවම මුහුණ දෙනවා වෙනුවට සාමූහිකව මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නත්, විසඳුම් හොයාගන්නත් අපිට සාමූහිකව මැදිහත් වෙන්නත් පුළුවන්. ඒ ආකල්පය ඇතිවුණාම අපිට රටක් හැටියට දියුණු වෙන්න පුළුවන්.
නමුත් අද අප රට අපේ රටේ ඇතිවෙලා තියෙන්නේ එහෙම තත්ත්වයක් නෙවෙයි. අපි සියලු දෙනාම තනිවෙලා. එකිනෙකා තනියම ඒ මූණ දෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න උත්සාහ කරනවා. අපි විශාල පීඩනයක් පුද්ගලිකව අපේ මත පවරාගෙන ඒ වෙනුවෙන් අපි තනිවම සටන් කරන සමාජයක් තුළ අපි ජීවත් වෙනවා. මේක අපි හිතන විදිහට වෙනස් විය යුතු යි. සමාජයක දියුණුව සමාජයක යහපැවැත්ම සහ පුරවැසියන්ගේ සතුට ඇති කරන්න නම් ඒ සමාජ පද්ධතිය ශක්තිමත් සමාජ පද්ධතියක් විය යුතුයි. සමාජ පද්ධතියක් තුළ තියෙන ඒ සමාජ ආයතන පවුල වෙන්න පුළුවන්, අධ්‍යාපන සේවා, අධ්‍යාපනය වෙන්න පුළුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන්. සමාජ ආරක්ෂණය වෙන්න පුළුවන්. නීතිය හා සාමය කියන දේවල් වෙන්න පුළුවන් , මේ සියල්ලම ශක්තිමත් විය යුතුයි. මේ සියල්ලම ජනතාව වෙනුවෙන් සේවය කරන ආයතන හැටියට සේවයක් ලබාගත හැකි ආයතන කියන ඒ ආකල්පය සමාජය තුළ විශ්වාසනීයව ශක්තිමත්ව තිබිය යුතුයි. නමුත් අද අපි දකින විදියට එහෙම තත්ත්වයක් අපේ සමාජය තුළ නෑ.
ඒකට වගකියන්න ඕන අපි තනි තනි පුද්ගලයන් හැටියට නෙවෙයි. එහෙම නැත්නම් එක නිලධාරියෙක්ගේ දුර්වල කමක් නිසා නෙවෙයි. එක ගුරුවරයෙක්ගේ දුර්වලතාවයක් නෙවෙයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක සමස්ත සමාජ අර්බුදයක්. ඒ නිසා අපට අවශ්‍ය වන ප්‍රධාන දේ මේ මොහොතේ තනි තනිව අපේ ප්‍රශ්න විසදීමට උත්සහ කරනවාට එහා ගිහින් මේ තියන සමාජ අර්බුදය හරියට හදුනාගෙන , ඒ සමාජ අර්බුදය සඳහා අපි සාමුහිකව මැදිහත් විය යුතු විදියත් හදුනාගෙන ඒ සඳහා අපි කොහොමද මැදිහත් වෙන්නේ කියන එක. ඒ සඳහා අපි සංවිධානය විය යුතු විදිය ගැන සැලසුම් කරන එක. මේ වෙලාවේ ඒ සාකච්ඡාව මේ සමාජයට අත්‍යාවශ්‍ය දෙයක්. අර තනිව විසඳන ප්‍රශ්න වෙනුවට සාමුහිකව විසඳන ප්‍රශ්නත් තනිතනිව අපේ ප්‍රශ්න විසඳනවා වෙනුවට අපේ සමාජ අර්බුදවලට අවශ්‍ය විසදුම් හොයා ගන්න අවශ්‍ය ඒ සමාජ පද්ධතිය, ඒ ආර්ථික සහ දේශපාලන පද්ධති, ඒ ක්‍රමවේද ශක්තිමත් කිරීමත් මේ වෙලාවේ අපි දකින විදියට ප්රමුඛ අවශ්‍යතාවයක්.
අපේ ආණ්ඩුව මේ ජනාධිපතිවරණය තුළ ඒ අපිට ලැබුණු ජයග්‍රහණය තුළින් ඉතාමත් පැහැදිලි පණිවිඩයක් මේ රටේ ජනතාවට, මේ රටට සහ ලෝකයටම ප්‍රකාශ කළා. ඒ වෙනසක් අවශ්‍යයි කියන එක. ඒ වෙනස කියන්නේ නිකං පුද්ගල වෙනසක් නෙවෙයි. පුද්ගල වෙනසකට එහා ගිය පද්ධතියම වෙනස් කරන අපේ සමාජයට වෙනසක් වෙනස් විදියේ මැදිහත්වීමක් කරන්න පුළුවන් ව්‍යුහාත්මක වෙනසක් කිරීම තමයි අපේ රටේ ජනතාව තුළ මේ වෙලාවෙ තියෙන බලාපොරොත්තුව. කෙටි කාලීන ජයග්‍රහණවලට එහා ගිය තාවකාලික මතුපිටින් තියෙන ප්‍රශ්නවලට කරන මැදිහත්වීම්වලට එහා ගිය සමස්ත සමාජයම මීට වඩා සුවපත් සහ මීට වඩා කාරුණික සහ මීට වඩා සාමූහිකත්වය මුල් කරගත්ත සමාජයක් ගොඩනැගීම සඳහා ඒ පරිවර්තනය බලාපොරොත්තු වෙන බව අපි දන්නවා. ඉතින් ඒ නිසා රජයක් හැටියට අපේ මැදිහත්වීම සරලව මතුපිටින් තියෙන ප්‍රශ්නවලට විතරක් නෙවෙයි. ඊට වඩා බැරෑරුම් ලෙස අද මේ සමාජය තුළ පවතින ඒ අර්බුද සමාජ ආර්ථික දේශපාලන අර්බුදවලට කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඉතාමත්ම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුම දරුවන්ට හොඳම දේ ලැබිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. තෝරගත්ත ළමයි පිරිසකට විතරක් නෙවෙයි. සියලුම දරුවන්ට මේ රට තුළ සතුටින් ජීවත් වෙන්නත් මේ රට තුළ බලාපොරොත්තු සහගතව ජීවත් වෙන්නත් ඔවුන්ගේ අභිලාෂයන් යථාර්ථයක් බවට පත් කරගන්නත් පුළුවන් වෙයි කියන විශ්වාසය හැදෙන සමාජයක් අපි නිර්මාණය කරන්න ඕනි. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මැදිහත් වෙන්නෙත්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නත් අපි උත්සාහ කරන්නේ.
ඒ වගේම තමයි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද වන විට අර්බුද රාශියකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ආර්ථික ස්වාධීනත්වය නැති වීම තුළින් ඔවුන් යැපෙන්නන් බවට පත්වෙලා තියෙනවා. මේක පිළිගත හැකි තත්ත්වයක් නෙමෙයි.ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් ස්වාධීන ජීවිත ගත කරන්න පුළුවන් සතුටින් ජීවිත ගත කරන්න පුළුවන් ඔවුන්ගේ අභිමානය රැකගන්න ඔවුන්ට ගෞරවය හිමිවන සමාජයක් බිහි කරන්න අපි උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ දරුවන් ගැන කතා කරනකොට ඔබ සියලු දෙනාම දන්නවා මේ වෙලාවේ අධ්‍යාපනය තුළ අපට විශාල අර්බුද රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සමාජය තුළ විශ්වාසය කඩා වැටෙනකොට අධ්‍යාපනය පිළිබඳව තියෙන විශ්වාසයත් කඩා වැටිලා තියෙනවා. මේක අතිශයින්ම භයානක තත්ත්වයක් සමාජයක් තුළ අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැති වෙනකොට පාසල් පද්ධතිය පිළිබඳව සැකයක් එන විට පාසල් පද්ධතිය බරක් කියලා පවුලකට දරුවෙකුට දැනෙනකොට අධ්‍යාපනය කියන එක බරක් කියල දැනෙනකොට ඒක බරපතල තත්ත්වයක්. ඉතින් ඒ නිසා තමයි අපේ රජය අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්න තීරණය කරලා තියෙන්නෙ. පෙර පාසලේ සිටම උසස් අධ්‍යාපනය දක්වාම දරුවෙක්ව රැක ගන්න අධ්‍යාපන පද්ධතිය තුළ දරුවාව රැකගන්නත් සියලුම දරුවන් හට සාධාරණය ඉෂ්ට වෙන සියලුම දරුවන්ට තමන්ගේ හැකියාවන් එළිදක්වන්න පුළුවන් තමන්ගේ තමන්ගේ හැකියාවන් හඳුනාගෙන තමාගේ ජීවිතය ගොඩනඟා ගන්න පුළුවන් මේ සමාජයට අවශ්‍ය පුරවැසියෙක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි හිතනවා ක්‍රමානුකූලව මේ වෙනස්කම් මේ පරිවර්තනයන් අධ්‍යාපන පද්ධතිය තුළත් අධ්‍යාපනය ලබන ආයතන තුළත් ඒ වගේම සෞඛ්‍ය, නීතිය හා සාමය සියලුම ක්ෂේත්‍ර තුළ ක්‍රමානුකූලව මේ පරිවර්තනය කරන්න හැකි වෙයි කියලා. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි අපි මේ වෙලාවේ වැඩ කරන්නේ. මට විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ දවස්වල ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය පත්වෙලා තියෙනවා. ඒක අපිට හොඳින් තේරෙනවා. ඒ අර්බුදය මේ සමාජය තුළම පවතින අර්බුදයේ ප්රකාශනයක්. මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළින් දෙමව්පියන් හිරවෙලා, පුදුම පීඩාවකට ලක් වෙලා ඉන්නේ, තමන්ගේ දරුවන්ට හොඳම අධ්‍යාපනය ලබාදීම ගැන ඔවුන්ට තියෙන අවස්ථා එන්න එන්න නැතිවීම තුළින්. අපිට තේරුම් ගන්න පුළුවන් දෙමව්පියන් පහේ ශිෂ්‍යත්වය ගැන මේ තරම් මැදිහත් වීමට තියෙන හේතුව. අපි සියලු දෙනාම උත්සාහ කරන්නේ අපේ දරුවට හොඳම දේ ලබා ගන්න. මගේ දරුවට හොඳම දේ ලබාගන්න බැරි වෙනකොට අපිට අතිශයින්ම දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක දෙමව්පියන්ගේ වරදක්වත් ඒ පාසලේ ඉන්න ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණ ඉතාමත්ම දුර්වල අධ්‍යාපන ප්‍රතිපත්ති නිසා. අධ්‍යාපනය පිළිබඳව රජය දුරස්ථවීම නිසා නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක අපිට එක රැයින් විසඳන්න බැරි බව මං හිතන්නේ අපි සියලු දෙනාම දන්නවා. නමුත් මේ මොහොතේ ජනාධිපතිතුමාගේත් මැදිහත්වීම තුළින් මේ ප්‍රශ්නයට සියලුම දරුවන්ට සාධාරණ විසඳුමක් ලෙස ලැබිය යුතු හොඳම විසඳුම ලබාගන්න අපි මේ වෙලාවෙත් වැඩ කරනවා. ඒ විභාග පිළිබඳ විශේෂඥ දැනුමත් ලබාගෙන ළමා මනස තේරුම් ගන්න පුළුවන් අදාළ විශේෂඥයන් එක්කත් කතා කරමින් දරුවන්ට තවදුරටත් පීඩනයක් ඇති නොවන විදිහේ සහ සියලුම දරුවන්ට සාධාරණ පිළිතුරක් ලබාගන්න පුළුවන් විදිහේ විසඳුමක් ගේන්න අපි වැඩ කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත්, විභාග දෙපාර්තමේන්තුවත් එක්ක අපි සමීපව වැඩ කරලා ඒවගේම මෙවැනි තත්ත්වයන් නැවත සිදු නොවෙන්න ගත යුතු පියවර ගැනත් අපි ඉතාමත්ම සෝදිසියෙන් වැඩ කරමින් ඉන්නේ. ඒ සඳහා පොලිසියත් එක්කත් මේ සිදුවුණු සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමටත් එයට වගකිව යුතු අයට දඬුවම් කිරීමටත් , මෙවැනි තත්ත්වයන් නැවත නිර්මාණය නොවෙන්න මොන වගේ මැදිහත්වීමක් අපෙන් සිද්ධ විය යුතුද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් යන්නේ. අපි හිතන විදිහට කිසිම දරුවෙකුට කිසිම වෙලාවක මෙහෙම විභාගයක් තුළින් පීඩනයට ලක් නොවිය යුතුයි. මේ විදිහට අවිනිශ්චිතතාවයක් නිර්මාණය නොවිය යුතුයි. ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තුළින් දෙමව්පියන්ට සිද්ධ වෙන අසාධාරණයත් අපිට හොඳින් තේරෙනවා. ඒ නිසාම තමයි සියලුම දරුවන්ට හානියක් නොවන තවත් පීඩනයට ලක් නොකරන සහ සියලුම දරුවන්ට සාධාරණය ඉෂ්ට වෙන හොඳම විසඳුම හොයන්න අපි සියලු දෙනා මැදිහත් වෙලා වැඩ කිරීමේ අවශ්‍යතාවය ඉතාමත්ම පැහැදිලියි. මේ වෙනකොටත් ඒ සඳහා අපි ගත යුතු පියවර ගණනාවක් අරන් තියෙනවා. මේ ගැන තව තොරතුරු ලබාගන්න තුරු පහේ ශිෂ්‍යත්වයේ ලකුණු දීම තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. රජයක් හැටියට , ආණ්ඩුවක් හැටියට දරුවන්ට අසාධාරණයක් නොවෙන්නත් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ දරුවාට හොඳම දේ Best intrest of the child කියන දේ ප්රමුඛ කරගෙන තමයි අපි සියලු තීන්දු තීරණ ගන්නේ. ඒ හරහා අපි හිතනවා ඉදිරියටත් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය තුළම දරුවාගේ යහපත ප්රමුඛ වෙන විදිහට මැදිහත් වෙන්න අවශ්‍ය ඒ පරිවර්තනය, ප්‍රතිසංස්කරණ කිරීමටත් අපි බැඳී සිටිනවා. ඉතිං ඒ නිසා මේ ඉතාමත්ම තීරණාත්මක මොහොතක අපි ඉන්නේ. අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා අපේ රටේ කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් තිබ්බ, කාලයක් තිස්සේ අවධානයට ලක් නොවුණු ප්‍රශ්න රාශියක් හරියට හඳුනාගෙන ඒවට ක්‍රමානුකූලව හා තිරසාර විසඳුම් සොයමින් ලබාදෙන්න. අපි දකින විදියට සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා . විසඳුම් නැති ප්‍රශ්න නෑ. ඒ විසඳුම හරියට හොයන එකත් ඒ විසඳුම් තුළින් තව පාර්ශව අසහනයට හෝ අසාධාරණයට පත්නොවන විදිහට විසඳුම් හොයන එකත් අපේ වගකීම හැටියට අපි දකිනවා. ඉතින් මේ නිසා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මේ රට ගොඩනැගීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙල ගැන හිතන අතරම මේ කාලයක් තිස්සේ කඩා වැටුණු සමාජයක් තුළින් නිර්මාණය වෙන එදිනෙදා අපට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්නවලටත් ඉවසීමෙන් මුහුණ දෙමු. විශේෂයෙන්ම දරුවන්ට මුහුණ දෙන ප්රශ්නවලදී දරුවන්ගේ මානසික යහපැවැත්මත් දරුවන්ගේ අවශ්‍යතාවයත් හරියට තේරුම් අරගෙන අපි සියලු දෙනා මැදිහත් වෙමු කියන ඉල්ලීම කරන්න මම කැමතියි. නැවත වතාවක් ඔබ සියලු දෙනාටම මම සුබ පතනවා. විශේෂයෙන්ම මා ස්තූතිවන්ත වෙනවා අපේ ලේකම්තුමාටත් අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයටත් ඔවුන් මේ සංවිධානය කරපු උත්සවය කාලයක් තිස්සේ මහන්සිවෙලා ඔවුන් ඉතාමත්ම උනන්දුවෙන් මේක සංවිධානය කරේ. මගේ අදහසුත් ලබාගෙන අවශ්‍ය විදිහට ඒවා වෙනස් කරමින්, අපි සියලු දෙනා සමඟ ඉතාමත්ම සුහදශීලීව කටයුතු කරමින් මේ වැඩේ කරන්න පුළුවන් වුණා. ඉදිරියට මම දන්නවා අපිට තව කරන්න වැඩ ගොඩක් තියනවා. ඒ සඳහාත් ඔබ සියලු දෙනාගේම සහයෝගය මම බලාපොරොත්තු වෙනවා.
අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා ඔබ අපට විශාල ශක්තියක්. අද අපේ සමාජය මේ විදිහට පවත්වාගෙන යන්න ඔබෙන් වෙන දායකත්වය අපි හොඳින් දන්නවා . ඔබට අපෙන් විය යුතු උපරිමය වෙලා නැති බවත් අපි දන්නවා. නමුත් අපි ඒක වෙනස් කරමු. ඔබ අපට සම්පතක් ඒ සම්පත අපි රැකගත යුතුයි ඔබෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඒවත් අපි ඉගෙන ගත යුතුයි. ඔබට සමාජයට තවදුරටත් කරන්න පුළුවන් කාර්යය කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න ඕනෑ. ඔබවත් අපි ආදරයෙන් රැකබලා ගත යුතුයි. ඒ සඳහාත් අපි මැදිහත් විය යුතුයි කියන ඒ අධිෂ්ඨානය අපි තුළ තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් සහභාගී වීම ගැන ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි මේ රට හදමු. මේ රට අපි සියලු දෙනාටම සතුටින් ජීවත් විය හැකි රටක් බවට පත් කරගමු බොහොමත්ම ස්තූතියි.
ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති එළිදැක්වීම, "සිතුවිලි සිත්තම්" චිත්‍ර තරගයේ ජයග්‍රහකයින් සඳහා සහතික පත්‍ර ප්රදානය සහ “ඩිජිටල් ලොව දරුවා සුරකිමු” කෙටි වීඩියෝ පට නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් 12ක් ඇගයීම, වැඩිහිටි නිවාස ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් වැඩිහිටි නිවාස ඇගයීම, ´´වැඩිහිටි සුවසරණ´´ රක්ෂණාවරණය හඳුන්වා දීම අග්‍රාමාත්‍යතුමියගේ සුරතින් සිදු විය.
මෙහිදී ළමා දින සැමරුම් මුද්දරය හා මුල් දින කවරය එළිදැක්වීම ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. මහේසන් , බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධ හා ජනමාධ්‍ය අමාත්‍ය ලේකම් රංජිත් ආරියරත්න යන පත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය