ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි ශ්‍රී ලංකාව සමඟ 40 වසරක හවුල්කාරිත්වය සනිටුහන් කිරීම සඳහා සමරු මුද්දරයක්...

ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ වසර 40ක හවුල්කාරිත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරන ලදි.

පළමු සමරු මුද්දරය සහ මුල් දින කවරය අද (2024.05.29) ශ්‍රී ජයවර්ධනපුර පැලවත්තේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන මූලස්ථානයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගන්වන ලදි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් පාඬිකෝරාල, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන පාලක මණ්ඩලයේ සභාපති ආචාර්ය සිමි කමල්, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාර්ක් ස්මිත්, විශේෂ උපදේශක ආචාර්ය පී. රාමනුජම් සහ තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය