උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා අතින් අද (2024.04.24) ජනතා අයිතියට පත් කෙරුණි.

ඉරාන ජනාධිපතිවරයා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව පිළිගනු ලැබීය.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර , නිමල් සිරිපාල ද සිල්වා , අලී සබ්‍ර්, මහින්ද අමරවීර , ආණ්ඩුකාරවරුන් වන සෙන්දිල් තොණ්ඩමන්,ඒ.ජේ.එම්.එල්.මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , ඉන්දික අනුරුද්ධ, තාරක බාලසූරිය , විජිත බේරුගොඩ, සිරිපාල ගම්ලත්, ඩී.වී.චානක, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ ,රාවුෆ් හකීම්, වඩිවෙල් සුරේෂ් , සුදර්ශන දෙනිපිටිය, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ ,එම්.එල්.ඒ.එම්. අතාවුල්ලා, යදාමිණි ගුණවර්ධන , නාලක කෝට්ටේගොඩ, මිලාන් ජයතිලක, ලලිත් වර්ණ කුමාර, ඉරානයේ බලශක්ති අමාත්‍ය අලී අක්බාර් මෙහෙමුදීන්, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලීරෙයිසා ඩෙල්කොෂ්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් සමන් දර්ශන, පාඩි කෝරාල, පොදු ජනතාව මෙම අවස්ථාව ට එක්ව සිටියහ .

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය