අගමැති රුසියානු තානාපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කරයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා සිදු විය.
නව අග්‍රාමාත්‍ය ධුරයට සුභ පතමින් රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතාගේ සුබ පැතුම රුසියානු තානාපතිවරයා නිල වශයෙන් බාර දුන්නේය.
වත්මන් තත්ත්වයන් හා
රුසියාව හා ශ්‍රී ලංකාව අතර වන අනාදිමත් රාජ්‍ය රාජතාන්ත්‍රික සබඳතා හා ආර්ථික සංස්කෘතික, දේශපාලන ද්විපාර්ෂික සබඳතා පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ මුහුණදුන් සෑම දුෂ්කර අවස්ථාවකදීම රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා භක්ත්‍යාදරය ප්‍රනාමය පුද කළේය.
විශේෂයෙන් ජිනීවා සාකච්ඡා වල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටීම රටට මහත් ශක්තියක් වූ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
පසුගිය ආර්ථික දුෂ්කරතාවයන් වල දී රුසියාව ලබාදුන් හා ලබා දෙන උපකාර වලට අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.
රුසියානු සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට යොමු කිරීම හා Aeroplot ගුවන් සේවය නැවත ආරම්භ කිරීම ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතා වටිනා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.