ඉන්දු - ශ්‍රී ලංකා ඍජු විදේශ ආයෝජන

ඉන්දියානු මහ කොමසාරිස් (Gopal Baglay) මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2022.07.26 දින කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
දෙරට අතර ඍජු විදේශ ආයෝජන මෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ කඩිනම් ආයෝජන සිදු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
අග්‍රාමාත්‍යවරයා කළ විශේෂ ඉල්ලීම පරිදි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට හා දුම්රිය ප්‍රමුඛ ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මහ කොමසාරිස්වරයා එකඟතාවය පළ කළේය.
පවතින ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකා රජයට ලබාදෙන ලද සහ ඉදිරියට ලබාදෙන දායකත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා කෘතවේදීත්වය පළ කළේය.
දෙරට අතර අනාදිමත් කාලයක සිට පැවත එන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා විය.
අභිනව ජනාධිපති ද්‍රෞපදී මුර්මු (Droupadi Murmu) මහත්මියගේ පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සුබපැතුම් ද එක් කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක්විය.