හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්...

හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ අම්පාර, ලාහුගල නීලගිරි සෑයේ කැණීම් කටයුතු වලදී හමුවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.07 දින සිදු කෙරිණී.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤානරතන මහා නාහිමි, හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරාධීපති වැරැල්ලගම සුමංගල හිමි ඇතුළු සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, යදාමිණී ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ ඇතුළු සැදැහැවතුන් රැසක් සහභාගි වූහ.