අත්තනගල්ල රජමහා විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් වහන්සේ වෙත බුරුම රාජ්‍යයෙන් පිරිනැමූ අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය සහිත අක්ත පත්‍ර ප්‍රදානය කිරීම අද (2024.05.18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු අමාත්‍යවරුන්, ලසන්ත අලගියවන්න ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් වජිර අබේවර්ධන, යදාමිණි ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාඨලී චම්පික රණවක, විජිත හේරත් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් සහ දායක දායිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය