කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ටවර් හෝල් රඟහලේ සංවිධානය කළ (2023.12.15) “කොළොම්තොට අභිනන්දන - 2023” කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්විය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, ප්‍රේමනාත් සී. දොළවත්ත, මධුර විතාන, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි ඇතුළු කලාකරුවන් හා විශාල පිරිසක් එක් වූහ.