තුන්වන වතාවටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්, ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට සුභ පැතුම්.

"අපේ අසල්වැසි මිත්‍ර, ඓතිහාසික වශයෙනුත් අන් ක්ෂේත්‍ර සියල්ල සමඟ එකට කටයුතු කිරීමේ ශක්තිය දීර්ඝ කාලයක් ගොඩනැගුණු ඉන්දියාවේ තුන්වැනි වරටත් මහජන ඡන්දයෙන්, පාර්ලි‍මේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා භාරතීය ජනතා පක්ෂයේ නායක ගරු මෝදි අග්‍රාමාත්‍යතුමාට ලැබූ ජයග්‍රහණයට සුබ පතමු.

ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද ජයග්‍රහණය කර තිබෙන්නේ ලෝකයට දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට හා ආණ්ඩුව පිහිටුවීමටයි.

ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් යෝධයා ලෙස අපි කවුරුත් දන්නා දැවැන්තම ජනගහනයක් අද ලෝකයේ ප්‍රධානතම ජනගහනය නියෝජනය කරන රට වන ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා හැටියටයි.

ඒ වගේම ආසියානු රටවල් සමඟ ඇති මිත්‍රත්වය සහයෝගය හා එකමුතුව ඒ වාගේම ශ්‍රී ලංකාව සමග ඇති ක්‍රියාකාරී සහයෝගය මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් මෝදි අග්‍රාමාත්‍යතුමා ලැබුණු ජයග්‍රහණය තුළින් නව ජයග්‍රහණයන් උදා කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි සුබ පතමි.

සාමය, සංවර්ධනයේ අලුත් ඉලක්කයන් ලෝකයාටත් දායාද කරන්නට ආර්ථිකය හා අනික් ක්ෂේත්‍ර තුළින් පුළුවන් වනු ඇතැයි සුබ පතනවා. අපි විශ්වාස කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති ශක්තිමත් දීර්ඝ කාලීන ද්වීපාර්ශවික හා අන්යෝන්‍ය ක්ෂේත්‍රවල බැඳියාවන් වර්ධනය කර ගැනීමට ඒ වාගේම ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාට ඒ කටයුතු කරගෙන යාමට මෙම ජයග්‍රහණය ශක්තියක් වේවායි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රාර්ථනා කරමි.


දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

2024 ජුනි මස 05 බදාදා