බ්‍රිතාන්‍ය ව්‍යවහාරික අධ්‍යයන විද්‍යාලයේ (BCAS කැම්පස්) උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2024.05.13) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණී.

බ්‍රිතාන්‍ය ව්‍යවහාරික අධ්‍යයන විද්‍යාලයේ කොළඹ, මහනුවර, යාපනය සහ කල්මුණේ මණ්ඩපවල සිසුන්ට මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් උපාධි සම්මාන ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය ව්‍යවහාරික අධ්‍යයන විද්‍යාලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා, ප්‍රධාන විධායක නිලධාරී තෙරේෂ් අමරතුංග යන මහත්වරු සහභාගී වූ හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය