ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, පූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද ස්වාමීන් වහන්සේට මියන්මාර් රජය විසින් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරවනාමය පිරිනැමීමේ උත්සවය, අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී 2023.12.02 දින පැවැත්විණි.

මෙම අවස්ථාවට නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, මියන්මාර තානාපති යු. හන් තූ (Han Thu) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, හර්ෂණ රාජකරුණා ඇතුළු මහජන නියෝජිතයින් දායක දායිකාවන් රැසක් එක්ව සිටියහ.