ඇමරිකානු වරලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) 2024 උපාධි ප්රදානෝත්සවය 2024.03.04 අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවය සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යයි. අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න. ඉහළ පිළිගැනීමක් ඇති CIMA සුදුසුකමකින් සන්නද්ධ තරුණ පිරිසක් වෘත්තීය ලෝකයට පිවිසෙන මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටක්. ක්‍රමවත් විගණනය තුළින් උපරිම ඵල නෙළාගත හැකි බව ඔබේ අධ්‍යනයන්ට ඇතුළත්.
මීට වසර 40 කට පෙර එක්සත් රාජධානියේ ආධාර ඇතිව ඉදි කරන ලද අපේ රටේ වික්ටෝරියා ජලාශය පිළිබඳ විශේෂයෙන් මතක් කිරීමට කැමතියි. එය දශක 3කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මිල අධිකම ව්‍යාපෘතියයි. අද වාරි විශේෂඥයින් අවධාරණය කරන්නේ වික්ටෝරියා ජලාශයේ වත්මන් ධාරිතාව 80% ට වඩා අඩු බවයි. එයින් අදහස් වන්නේ 20% අප විසින් ඌන ප්‍රයෝජනයට ලක්කර ඇති බවයි. එයින් පෙන්නුම් කරන්නේ ජල විදුලියේ ධාරිතාව 20% කින් සහ ජල කාර්ය සාධනය 20% කින් අඩු වී ඇති බවයි. නමුත් ප්රශ්නය වන්නේ විදුලිය නිෂ්පාදනයෙන් 20% අඩුවීම වෙනුවට විකල්පය කුමක් ද යන්නයි. ආර්ථික, පාරිසරික, තිරසාර බව යන අංශයන්හි බරපතළ ලෙස විගණන නොමැතිකම අවධාරණය කළ යුතුයි. මෙය එක් උදාහරණයක් පමණයි.
එක්සත් රාජධානියට පසුව, ලෝකයේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන් ලෙස (CGMA) සුදුසුකම් ලත් සාමාජිකයින් සහ සිසුන්ගේ දෙවන විශාලතම ප්‍රජාවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනවා. එය සැබැවින්ම සාඩම්බර ජයග්‍රහණයක්. වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන් (CGMAs) ලෙස හඳුන්වන CIMA සාමාජිකයින් පුද්ගලික හෝ රාජ්‍ය අංශයේ ආයතනවලට වටිනාකමක් එක් කිරීම හේතුවෙන් සේවා යෝජකයින් සහ සාමාන්‍ය ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍ර වී සිටිනවා.
2048 වන විට ප්රගතිශීලී ආර්ථික ප්‍රගතියක් තුළින් අපගේ පුරවැසියන්ට සමෘද්ධිය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අපගේ රජයට සැළසුමක් තිබෙනවා. නිර්මාණාත්මක හැකියාව හා මානව ප්රාග්ධනය වර්ධනය වීමත් සමඟ අපේ නිදහසේ 100 වැනි සංවත්සරය වන විට අපේ ආර්ථිකය පොහොසත් රටක තත්ත්වයට ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා.
ඔබ හදාරා ඇති විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ හා ලොව ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්රයක්. CIMA ප්‍රජාවට සම්බන්ධ වූවන් අනාගතයේ ව්‍යාපාරික නායකයින් බවට පත්වීමේ හැකියාව ඇති පළමු පන්තියේ මූළ්‍ය සහ ව්‍යාපාරික වෘත්තිකයන් බව ඔප්පු කර තිබෙනවා.
ඔබ අපේ ජාතියේ අභිමානයයි. ප්‍රගතිය කරා ගමන් කරන මාවතේ අභියෝග සහ බාධක ජය ගැනීමට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඔබේ දක්ෂතා අවශ්‍යයි. මූළ්‍ය අර්බුදයේ සිට භූ දේශපාලන කැළඹීම් දක්වා ශ්‍රී ලංකාව සඳහා තිරසාර හා ප්රගතිශීලී අනාගතයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලබා දෙන්නේ ඔබයි.
වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන් විසින් එළි දක්වනු ලබන අද්විතීය කුසලතා සහ තීකෂණ බුද්ධිය ව්‍යාපාර ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති බව ලොව පුරා ව්‍යාප්තව ඇති සංවිධාන හඳුනාගෙන තිබෙනවා. ඔබේ සාමාජිකයින් ගෝලීය ප්‍රමිතීන්ට සමගාමීව කටයුතු කරනු ලබන හොඳම කළමනාකරණ ගණකාධිකාරීවරුන් පමණක් නොව, ව්‍යාපාර දිගුකාලීනව සමෘද්ධිමත් වීමට අත්‍යවශ්‍ය වන අඛණ්ඩතාවයට අනුකූලව කටයුතු කරනවා.
වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී-සභාපති,ජාත්‍යන්තර සහතිකලත් ගණකාධිකාරී වෘත්තිකයින්ගේ සංගමයේ සම සභාපති, සාරා ගොෂ්, සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී සාමාජික (එක්සත් රාජධානිය), වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී හිටපු සභාපති මෙලනි කනකා, AICPA සහ CIMA හි මෙරට කළමනාකාරිනී සහරා අන්සාරි, උපාධිධාරීන්, මෙම අවස්ථාවට සහභාගී වුහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය