නව දිසාපතිවරු 4 දෙනකු පත් කෙරේ..

කොළඹ, කළුතර, යාපනය, සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා නව දිස්ත්‍රීක් ලේකම්වරු හතර දෙනෙකු පත්කෙරේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ජී.එම්. ජනක ගුණවර්ධන, යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා(වැඩබලන) වශයෙන් එම්. ප්‍රදීපන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා (වැඩබලන) වශයෙන් එස්. මුරළිදරන් යන අය පත්කොට ඇත.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (2024.06.25) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සහ කළුතර දිස්ත්‍රීක් ලේකම්වරයා වශයෙන් ජී.එම්. ජනක ගුණවර්ධන මහතා පත්වීම් ලිපි ලබා ගත් අවස්ථාව.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය