අනපේක්ෂිතව හඹා ආ ව්‍යසන හා අර්බූදයන් මැද අකුරු කර, අපොස සාමාන්‍ය පෙළ ජයගත් දුවා දරුවන්ට සුබ පතමි.

නිර්දේශිත හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවු දුවා දරුවන්ගේ අවසන් අධ්‍යාපන කඩඉම මෙය නොවන බැවින් උත්සාහය හා අධිෂ්ඨානය මත ඇවැසි ඉලක්ක කරා ළඟා වීමට ශක්තිය ධෛර්යය පතමි.

ජීවිතය ජයගත හැකි යහපත් මාර්ග ඔස්සේ ගමන් කරවීමට අප ඔබ පසුපස සිටිමු.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය